Pitbullගේ සංචාරය අවලංගුයි

ජාත්‍යන්තර සංගීත කළාවේ ජනප්‍රිය ගායකයෙකු වූ Pitbull ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව පසුගියදා දැනගන්නට ලැබුණා. එම ප්‍රසංගය කොළඹ හැව්ලොක්ස් පිටියේදී මේ මස අගදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණත් මේ වනවිට එයා අවලංගු කර ඇති බව දැනගන්නට ලැබෙනවා. පිට්බුල්ගේ කළමණාකාරිත්වය මේ පිළිබඳව දැඩි කණගාටුවද පළ කර තිබෙනවා.

Pitbull තමන්ගේ ආසියානු සංචාරය සමඟින් ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව දැනුවත් වූ බොහෝ පිරිසක් ප්‍රසංගය සඳහා ප්‍රවේශපත් කළින්ම වෙන් කරවාගෙන සිටි අතර මේ වන විට එහි මුදල්ද නැවත ලබාදෙන්නට සංවිධායකයින් තීරණය කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

ඔහුගේ ආසියානු සංචාරයම අවලංගු බවයි ඔහුගේ කළමණාකාරිත්වය සඳහන් කරනු ලබන්නේ.

Leave your comment