Nokia 3310 නව මුහුණුවරකින් යලි වෙළඳපොළට (VIDEO)

වසර 17කට පසු නොකියා ජංගම දුරකථන ආයතනය විසින් පසුගිය දිනවල දී නවතම මුහුණුවරකින් Nokia 3310 (නොකියා 3310) දුරකථනය වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබූ බවට මාධ්‍ය වාර්තා කරයි.

අන්තර්ජාල පහසුකම් මෙහි සීමා කර ඇති අතර එහි වේගය 2.5G වේ.  මෙම දුරකතනයට S30+ මෙහෙයුම් පද්ධතියක් යොදා ඇති බවට ඔවුන් වාර්තා කරයි.

දුරකථන නිෂ්පාදකයන්ගේ වාර්තා වලට අනුව මෙහි බැටරියේ ආයුකාලය සැලකිය යුතු තරම් හොඳ අතර Standby Mod එකේ පවතින විට දුරකථනයේ බැටරිය මාසයක් ද, දුරකථනය හරහා පැය 22ක කාලයක් එක දිගට කතා කිරීමේ හැකියාව ද ඇත.

එසේම නවතම Snake Game එකක්ද මෙහි ඇති අතර යුරෝ 49ක් වැනි මුඳලකට ඔබට දැන් මෙය වෙළඳපොලෙන් ලබාගැනීමේ හැකියාව පවතී.

Leave your comment