Bahubali 2 චිත්‍රපටිය කෝටි 1000ක් උපයයි

ඉන්දීය සිනමා ඉතිහාසයේ අලුත් පිටුවක් ලියන්නට රාජාමෞලීගේ ‘බාහුබලී’ දෙවැනි චිත්‍රපටය මේ වනවිට සමත්ව ඇත. ඒ ඉන්දීය සිනමා ඉතිහාසයේ මේ දක්වා චිත්‍රපටයක් උපයාගත් ඉහළම මුදල උපයා ගන්නට ‘බාහුබලී’ දෙවැනි චිත්‍රපටය සමත්වීම හේතුවෙනි. දින තුනකදී ඉන්දීය රුපියල් කෝටි 500ක ආදායමක් උපයාගත් මෙම චිත්‍රපටය තිරගත වී දින දහයක් ගෙවෙද්දි සිය ආදායම් උපයා ගැනීම ඉන්දීය රුපියල් කෝටි 1000 දක්වා වර්ධනය කරගැනීමට සමත්විය.

ඒ අනුව අමිර් ඛාන් රඟපෑ ‘පීකේ’ චිත්‍රපටය විසින් උපයාගෙන තිබූ ඉන්දීය රුපියල් 800 සීමාව ඉක්මවා යන්නට ප්‍රභාහස්ගේ ‘බාහුබලී’ දෙවැනි චිත්‍රපටය මේ වනවිට සමත්ව ඇත. මෙම චිත්‍රපටය උතුරු ඉන්දියාවේ පමණක් ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 247ක මුදලක් උපයා ගැනීමට සමත්විය. දකුණු ඉන්දියාවේදී ඉන්දීය රුපියල් කෝටි 217ක මුදලක් උපයා ගත් මෙම චිත්‍රපටය විදෙස් රටවල්වලදී ඉතිරි මුදල සොයා ගැනීමට සමත්ව ඇත.

Leave your comment