ෆේස්බුක් දවසකට නැවතුනොත් ?

අද ලෝකයේ ප්‍රභලතම සමාජ ජාල වෙබ් අඩවිය ලෙස මුහුණු පොත face book හැඳින්වීම ට පුළුවන. 2004 වර්ෂයේ මාර්ක් සක්‍ර්බර්ක් නම් තරුණයා තම විශ්වවිද්‍යාලයීය උපාධියේ අවසන් ව්‍යාපෘතිය ලෙස එළිදක්වන ලද මුහුණු පොත ක්‍රමලේකනය එවකට හාවර්ඩ් විශ්‍යවිධ්යාලයහි තරුණ තරුණියන් යන් අතර තම ජායාරුප හුවමාරුකරගැනීම සඳහා ඉතා ප්‍රසිද්ධ මාධ්‍යක් විය. නොබෝකලකින් දකුණු ඇමරිකාව පුරා ප්‍රචලිතව ගිය face book සමාජ ජාල අඩවිය වසර කිහිපයක් තුල යුරෝපය හා දකුණු ආසියාව තුලද ව්‍යාප්ත විය.

පරිගණක සාක්ෂර තාවය ඉහල යාමත්, අන්තර්ජාල පහසුකම් වල ව්‍යාප්තියද ජංගම දුරකථන පහසුකම් වල ව්‍යාපෘතියද හේතුවෙන් ශ්‍රී ලංකාව තුලද Facebook සමාජ ජාලය ඉතා ඉක්මනින් ප්‍රචලිත වින. මුල් කාලයේදී පුද්ගලික තොරතුරු පමණක් මුහුණු පොතේ තම මිතුරන් අතරේ හුවමාරු කරගැනීම සිදු උවද Facebook වාණිජ කරණය වීමත් Facebook page පහසුකම ලැබීමත් සමගම මුහුණු පොත සැබෑ මාධ්‍ය ජාලයක් ලෙස ශ්‍රී ලංකාව පුරා ප්‍රචලිත විය.

මුහුණු පොත අන්තර් ජාල භාවිතා කරන්නන්ගේ කාලය මිඩංගු කරලීම සඳහා කදිම තෝතැන්නක් බවට පත්වද්දී එයම සමාජය පිරිහීමේ මුලාරම්භයක් බවටද පත්විය. Face book උප සංස්කෘතියක් ශ්‍රී ලංකාව තුල බිහිවුයේ නිවැරදි දැක්මක් නොමැතිව අන්තර් ජාල පහසුකම් භාවිතා කරන්නන් රාශියක් මුහුණු පොතේ ඒකරාශී වීමෙනි. මුහුණු පොත සමාජ සංස්කෘතිය ක්‍රමයෙන් බිඳදමද්දී පවුල නමැති ඒකකයද ක්‍රමයෙන් දුරස් කරලීමට මුහුණු පොත සමත් විය. නිවසේ තනිවන දරුවන් දැරිවියන් විවිධ සල්ලාලයන් හට ගොදුරුවුවා පමණක් නොව. සියදිවි නසාගැනීම් විවිධ මුල්‍ය වංචාවලට හසුකරගනිම්ද මුහුණු පොතේ බහුලව වාර්තාවිය.

ප්‍රභල සමාජ සන්නිව්ද්දන මාධ්‍යක් බවට පත්වූ මුහුණු පොත සමාජ මතයක් ගොඩනැගීම සඳහා මාධ්‍යක් බවට පත්විය. මෙහිදී සමාජ ජාල ක්‍රියාකාරීන් අර්ථය විකුර්තිකරමින් විවිධ ලාභ ප්‍රයෝජන උදෙසා විවිධ බොරු ප්‍රචාරයන් ගෙන යනලද අතර පටු සමාජ හා දේශපාලන වාසි උදෙසා ජාතින් ආගම් සම්පුර්ණයෙන් පිටුදකින ප්ර්චාරනයන්ද ගෙනයන්නට විය.

රටේ රාජ්‍ය නායකයා මෙන්ම, නීතිපති, අගමැති, විඝනකාධිපති ඇතුළු රජයේ උසස් නිලධාරින්ද වෙනත් පුද්ගලයන්ද කිසිදු පදනමක් නොමැතිව න්ර්ධය ලෙස විවේචනයට භාජනයට ලක්කළ මුහුණු පොත සමාජයේ ප්‍රභුද්ධයන් වැඩි පිරිසකගේ දෝෂාරෝපණයට ක්‍රමයෙන් ලක්විය.
රටේ ප්‍රභල සන්නිවේදන මාධ්‍යක් ලෙස භාවිතාකළ හැකි facebook සමාජ ජාල වෙබ් අඩවිය අද නොයෙක් දුදනන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් වල්මත්වී අතිසෙයක් පෙනීයයි. මුහුණු පොත නැවත සමාජශීලි සාමාජ ජාලයක් බවට පත්කිරීම උදෙසා කිසියම් නියාමනයක අවශ්‍යතාවය තදින්මදැනේ.

– TB

Leave your comment