විජේදාස අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට ජනපති අනුමැතිය! – බුද්ධ ශාසන අමාත්‍යධුරයත් ප්‍රතික්ෂේප කරයි

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා දරණ සියලු කැබිනට් අමාත්‍ය ධූරවලින් ඔහු ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වය යොමුකළ ලිපිය සඳහා  ජනාධිපතිවරයා අනුමැතිය ලබා දී තිබේ.

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ සිය තනතුරුවලින් ඉල්ලා අස්වීම තවත් සුලු වේලාවකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කෙරෙනවා. මීට පෙර පැවති  සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට දැනුම් දී තිබුණේ අධිකරණ අමාත්‍යධුරය ඉවත්කෙරුනද බුද්ධ ශාසන අමාත්‍යධුරය විජේදාස රාජපක්ෂට තබාගන්නා ලෙසයි. කෙසේවෙතත් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කරමින් සදහන් කර තිබුණේ තමා අමාත්‍යධුර දෙකෙන්ම ඉවත්වන බවයි.

කෙසේවෙතත් මහනාහිමිවරුන් ඇතුලු සංඝරත්නය කල ඉල්ලීම් අනුවයි විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට බුද්ධ ශාසන අමාත්‍යධුරයෙන් ඉවත් නොවන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන්නේ. එහෙත් විජේදාස රාජපක්ෂ එය ප්‍රතික්ෂේප කලා. කෙසේවෙතත් අද පස්වරු 7 යි 30 ට එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් සහ ජනාධිපතිවරයා අතර සාකකච්චාවක් පැවැත්වෙනවා. එහිදී අධිකරණ අමාත්‍යධුරය සම්බන්ධයෙන් එකගතාවකට එළැඹෙනු  ඇති බවයි විශේවාස කෙරෙන්නේ.

පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා දිගින් දිගටම පක්ෂයේත් කැබිනට් මණ්ඩලයේත් සාමූහික වගකීම උල්ලංඝණය කර ඇති බවට චෝදනා එල්ල වුණි.

එමෙන්ම පසුගිය සති අන්තයේදී  විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පක්ෂයේ අමාත්‍යවරුන් සහ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සාමූහික වගකීම කඩ කරමින් කටයුතු කර ඇති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (22) සඳහන් කළේය.

ඒ අනුව විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා දරණ සියලු කැබිනට් ධුරවලින් ඔහු ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වය ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය.

Leave your comment