ලලිත් වීරතුංගට සහ අනූෂ පැල්පිටට අවුරුදු තුන බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්..!

පසුගිය ජනාධිපතිවරණ සමයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් වැය කර දිවයින පුරා විහාරස්ථානවල උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනාට අවුරුදු  තුනක බරපතල සිරදඬුවම්  නියම කිරිමට  මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා  අද (7) නියෝග කළේය.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට එරෙහිව නීතිපතිවරයා පැවරූ සිල් රෙදි නඩුව අද විභාගයට ගත අවස්ථාවාවේ මෙසේ ඔවුන් වැරදිකරුවන් කෙරුනා.

ඒ අනුව අදාළ චෝදනාවලට වැරදිකරුවන් වූ ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට හට අවුරුදු තුන බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ අතර රුපියල් ලක්ෂ 20 බැගින් දඩ නියම කෙරුනා.
මීට අමතරව රුපියල් මිලියන 50 බැගින් දෙදෙනා  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත වන්දි ගෙවිය යුතුයි.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේයි මෙම නඩුව විභාග වූයේ.

Leave your comment