‘රායිස්’ චිත්‍රපටය දින 3න් වියදම් වූ මුදල සොයා ගනි (VIDEO)

මේ වනවිට බොලිවුඩ් බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ මුල් තැනට පත්වෙමින් ඉහළ සාර්ථකත්වයක් හිමිකර ගැනීමට සුපිරි නළු ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වන ‘රායිස්’ චිත්‍රපටයට ලැබී තිබේ. පසුගිය ජනවාරි 25 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබූ මෙම චිත්‍රපටය දැනට ලොවපුරා තිරගත වෙමින් ඉන්දීය රුපියල් කෝටි 150කට වඩා වැඩි මුදලක් සොයා ගැනීමට සමත්ව ඇත.

ලැබෙන තොරතුරුවලට අනුව මෙම චිත්‍රපටය දින තුනක් ගෙවෙද්දි සිය නිෂ්පාදන මුදල වූ ඉන්දීය රුපියල් කෝටි 70ක මුදල සොයා ගැනීමට සමත්ව ඇත. මෙම චිත්‍රපටය තිරගත වූ දිනයේදීම රිතික් රෝෂන් රඟන ‘කාබිල්’ චිත්‍රපටයටද තිරගත වූ අතර, සිතු තරම් ‘කාබිල්’ චිත්‍රපටයෙන් ෂාරුක් රඟපෑ ‘රායිස්’ චිත්‍රපටයට බලපෑමක් නොලැබුණ බව සඳහන්ව ඇත.

සිනමා විචාරකයන්ගේ අදහස නම් මෙම චිත්‍රපටය ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයාගනු ඇති බවයි. ෂාරුක් පසුගිය වසරේ රංගනයෙන් දායකවූ ‘ෆෑන්’ හා ‘ඩියර් සින්දගී’ චිත්‍රපට ද්විත්වයටම ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයා ගැනීමට නොහැකි විය.

 

Leave your comment