මුළු ලෝකෙම පුදුම කරන අපේ පළමු කඩුල්ලේ සබඳතා

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන සිව් වන එක් දින තරඟයේ ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල සඳහා අදත් ලකුණු 200ක සම්බන්ධතාවක් පවත්වන්නට නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක සමත් වුණා.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පවති තුන්වන වන එක් දින තරඟයේ දී ද නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 200ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත් වීම විශේෂයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක මේ අනුව නව ලෝක වාර්තාවක් පිහිටුවීවාලූවා.

ඔවුන් දෙදෙනා ද්විත්ව ශතක සබදතාවක් පිහිටුවීමට සමත් වූ අතර ඒ අනුව අඛණ්ඩව තරග දෙකක දී එවැනි දස්කමක් දැක්වූ ලොව පළමු පිතිකරුවන් දෙදෙනා ලෙසයි ඔවුන් ඉතිහාසගත වුණේ.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන්නේ  සිව්වන එක්දින ක්‍රිකට් තරගයයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන්  ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 300ක් ලබා ගත්තා.

පළමු කඩුල්ලට 200ක් ගහන එක ලේසි නෑ

පළමු කඩුල්ලට 200ක් ගහන එක ලේසි නෑ කියන්න හේතුව තවමත් ලෝකයේ එම අවස්ථාව පසුකර තිබෙන්නේ අවස්ථා 35 කදී විතරයි.

ඒ කියන්නේ තරඟ 35 කදී කියන එකයි. (සම්පූර්ණ විස්තරය පහත වගුවෙන්)

මේ අවස්ථා 35න් 11කම අයිති ශ්‍රී ලංකාවට. එම 11න් තරඟ 5කම ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරල තියෙන්නේ උපුල් තරංග සහ සනත් ජයසුරිය.

පළමු කඩුල්ල සඳහා වන ලෝක වාර්තාවටත් හිමිකම් කියන්නේ තරංග සහ සනත්. ඒ ලකුණු 286ක් එංගලන්තයට එරෙහිව.

තිලකරත්න දිල්ෂාන් ද තරඟ අවස්ථා දෙකකට දායකත්වය ලබාදී ඇති අතර මහේල ජයවර්ධන අවස්ථා තුනකට සම්බන්ධයි.

මාවන් අතපත්තු පළමු කඩුල්ල සඳහා ලකුණු 200 සම්බන්ධතාවය පසුකල ශ්‍රී ලංකා එක් ඉනිමකට දායකත්වය ලබාදී තිබෙනවා.

නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 200 ක සම්බන්ධතාවයක් දෙකකට අද තරඟයත් සමග එකතු වනවා.

ඒ අනුව බලනකොට අපේ ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් පළමු කඩුල්ල පූජා නොකර ලකුණු 200ක් ගහනව කියන්නේ ප්‍රතිවාදී කණ්ඩායමට කොහොම හිසරදයක් වෙන්න ඇතිද?

Leave your comment