මාලිංගගේ බඩේ කතාව… (VIDEO)

ඉදිරි සිම්බාබ්වේ තරඟාවලිය සඳහා සූදානම් වන ශ්‍රීලංකා කණ්ඩායම අද පුහුණුවීම් වල නිරතවී සිටියා.

මෙම පුහුණුවීම් වලට ලසිත් මාලිංගද එක්ව තිබූ අතර මාධ්‍යවේදීන්ගේ කැමරා ඇස ඔහු වෙත යොමුවී තිබුණා.

අනතුරුව පන්දුවක් අතැතිව කැමරුකරුවන් දෙසට පැමිණි මාලිංග ‘‘ බෝඩ් එකෙන් එවලා මගේ බඩ ගහන්න විතරක් වෙනම කැමරාමන්ලා‘යැයි පැවසුවා.

ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර පසුගියදා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ උදරයන් පිළිබඳ කළ ප්‍ර‍කාශය ලසිත් මාලිංගගේ වි‍වේඡනයට ලක්වූ අතරපසුව ඔහුට ක්‍රිකට් ආයතනය විසින් තරඟ තහනමක් පනවනු ලැබුවා..

Leave your comment