පිළිකාවෙන් වේදනා විදපු මිතුරියගේ අවසන් කැමැත්ත වෙනුවෙන් මිලික් ෂේක් එකක් හොයන් ඇමරිකාවේ කෙලවරටම ගිය අපූරු මිතුරා

එමලි පෝමර්න්සට තිබුනේ අග්න්‍යාශයේ පිළිකාවක්.වොෂින්ටනයේ ගිලන් හලක ඇය ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක ඉන්න වෙලාවක ඇගේ මිතුරියන් ඇගේ සුවදුක් සොයා බලන්න නිතර ගිලන්හලට පැමිණියා.

කොහොම වුනත් ඇය මිය යන්න දින හතකට කලින් ඇය බලන්න ආපු ඇගේ මිතුරෙක්ට ඇගේ අවසන් කැමැත්ත ප‍්‍රකාශ කරලා තිබුනා.

සෑම් ක්ලෙයින් තමන්ගේ සමීපතම මිතුරියගේ අවසන් කැමැත්ත කොහොම හරි ඉටු කරන්න අධිටන් කර ගත්තේ එ්ක ඒ තරම් ලේසි දෙයක් නොවන බව හොදින්ම දැන ගෙනමයි.

පිළිකාවෙන් දරුනු විදියට පීඩා විදපු එමලි මහත්මියගේ අවසන් කැමැත්ත වුනේ තම උපන් ගමේ පිහිටි අවන්හලකින් කෙසේ හෝ මිල්ක් ශේක් පානයක් පානය කරන එක.

ඔෂින්ටනයේ ඉදලා බොහෝ ඈත පිහිටි ඔිහියෝ ප‍්‍රාන්තය එමලි මහත්මියගේ උපන්ගම නිසාම ඇමරිකවේ එක කෙරවලක ඉදලා තවත් කෙළවරකට මිල්ක් ෂේක් එකක් ගෙන්න ගන්න එක විශාල අභියෝගයක් වුනා.

කොහොම වුනත් තම මිතුරියගේ ඉල්ලීම කොහොම හරි ඉටු කරන්න හිතට ගත්ත සෑම් මහතා ඇගේ උපන් ගම වූ ඔිහියෝ ප‍්‍රාන්තයේ පිහිටි ක්ලීවලන් හයට් නගරයේ ඇති ඇගේ ප‍්‍රයතම අවන්හල වූ Tommy’s නම් අවන්හලේ හිමිකරුට email එකක් යැව්වා.

කොහොම වුනත් දින කිහිපයකට පසු අවන්හලේ හිමිකරු ටෝමී ෆෝලෝ සෑම් මහත්මයට පිළිතුරක් එවලා තිබුනා.එහි සටහන් වෙලා තිබුනේ “ඔව් අපි මේක කොහොම හරි කරමු කියලා”.

අවසානයේ ‘මිලක්ෂේක්’ පානය ඝන අයිස් මත බහා ඩොලර් 123 ක මුදලක් ගෙවා කිලෝමීටර 600 දුර පිහිටි ගිලන්හල වෙත යැවීමට තරම් අවන්හල් හිමිකරු ෆෙලෝ කාරුණික වුනා.

තම උපන් ලමින් ලැබුනු මිල්ක් ෂේක් එක ඇය ඉතාම සතුටින් පානය කළ බව සෑම් මහතා පසුව ප‍්‍රකාශ කරලා තිබුනා.

කොහොම වුනත් පසුගිය සිකුරාද පිළිකාව නිසා දැඩි විදියට වේදනා විදපු එමලි මහත්මිය සඳහටම මෙලොවින් සමුගත්තා.

ඇගේ මිතුරා වූ සැම් මහතා විදේශ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියලා තිබුනා ” ඇය මේ ලොකේ දැන් නැති වුනත් අනික් අය සතුටු කරන දේවල් කරන්න ඇය බොහොම කැමැත්තෙන් හිටියා කියලා”.

Leave your comment