දළඳා මැදුරේ රන් වියන ප්‍රතිසංස්කරණයට ජනාධිපතිගෙන් ලක්ෂ 450ක් !

දළදා මාලිගාවේ රන් වියනේ රන් ආලේප කිරීම සදහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රුපියල් මිලියන 45 ක (ලක්ෂ 450) මුදලක් ලබාදී ඇත.

මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් කල කල ඉල්ලීමක් සලකා ජනාධිපතිතුමා විසින් මෙම මුදල ලබාදී තිඛෙන අතර අදාළ චෙක්පත අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා විසින් මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා වෙත භාරදෙනු ලැබීය.

එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් 1998 වසරේදී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ රන් වියනට ද හානි සිදු වූ අතර 2001 වසරේදී එය ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.

ඉන් වසර 16 කට පසු යළිත් රන් වියන ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර ඒ සදහා මෙම මුදල වැය කිරීමට නියමිතය.

රටේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන මහනුවර දළදා මාලිගාව ආසන්නයේ කාර් රේස් සංවිධානය කල පසුගිය පාලන කාලයේ උදවිය සිංහල බෞද්ධ කම පෙන්නා ජනතාව රවටමින් චන්ද දින්නා මිස බෞද්ධ උරුමය රැක ගැනීමට කිසිවක් නොකළ බවට 16 වසරක් පුරාවට මේ බුද්ධ උරුමය රැකීමට පියවරක් නොගැනිමෙන්ම මනාව ඔප්පුවන කරුණකි…

ජනාධිපතිතුමන් අදාළ චෙක්පත ලබා දුන් ඡායාරුප පහතින්….

Leave your comment