දළඳා මාලිගාවේ අභිවෘර්ධිය වෙනුවෙන් මුල්‍ය ප්‍රතිපාදන දුන් ජනපතිට මහනායක හිමිවරුන්ගෙන් ඉහළ පැසසුම්..! (PHOTO)

දළදා මාලිගාවේ රන් වියනේ රන් ආලේප කිරීම සදහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රුපියල් මිලියන 45 ක (ලක්ෂ 450) මුදලක් ලබාදීම පිළිබඳව මල්වතු හා අස්ගිරි මහනායක හිමිවරු සහ දියවඩන නිලමේවරයා තම පුණ්‍යානුමෝදනාපූර්වක ස්තූතිය පළ කරමින් ලිපියක් ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කොට තිබෙනවා.

එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් 1998 වසරේදී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ රන් වියනට ද හානි සිදු වූ අතර 2001 වසරේදී එය ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. ඉන් වසර 16 කට පසු යළිත් රන් වියන ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර ඒ සදහා මෙම මුදල වැය කිරීමට නියමිතය.

මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් කල කල ඉල්ලීමක් සලකා ජනාධිපතිතුමා විසින් මෙම මුදල ලබාදී තිඛෙන අතර අදාළ චෙක්පත පසුගිය 22 වෙනිදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා විසින් මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා වෙත භාරදෙනු ලැබීය.

මල්වතු, අස්ගිරි මහනායක හිමිවරු සහ දියවඩන නිලමේවරයා ජනාධිපතිවරයා වෙත එවනු ලැබූ ලිපිය පහතින්,

Leave your comment