තාජුඞීන් ඝාතනය ගැන ප්‍රකාශයක් ලබාදීමට යෝෂිත අද CIDයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයේ දෙව පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (16) පැමිනීමට නියමිතව තිබෙනවා.

ඒ, රග්බි ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළ ප‍්‍රශ්නකිරීම් සඳහායි.

ඊයේ දිනයේ දී  අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂගෙන් පැය දෙකහමාරකට අධික කාලයක් ප‍්‍රශ්න කළා.

ඒ රතු කුරුස සංවිධානය සිරිලිය පදනමට ලබා දී තිබූ ඩිෆෙන්ඩර් රථයක වර්ණ වෙනස් කර එය යෝෂිත රාජපක්ෂගේ පරිහරණය සඳහා ලබා දීම සම්බන්ධයෙන් සහ  තාජුඞීන් ඝාතනයට එහි ඇති සම්බන්ධය පිළිබඳවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ ද ඊයේ දිනයේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණියා.

ඒ රුපියල් මිලියන 320ට අධික වියදමකින් චීනයේදී කක්ෂගත කළ සුපීම් සැට් 1 නමැති චන්ද්‍රිකාව සම්බනධයෙන් ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමටයි.

Leave your comment