තවදුරටත් මේවා හංගන් ඉඳලා වැඩක් නෑ – සාරංග අවසානයේ සියල්ල හෙළිකරයි!

සාරංගගේත්, උමාලිගේත් විරසකය දවසින් දවස අලුත් ආරංචි අරගෙන එන කතාවක් වෙලා. පවුල් අවුල් ගැන මාධ්‍යයට නිහඬ පිළිවෙතක් අනුගමනය කරපු සාරංග ඒ නිහඬබව බිඳිමින් සියල්ල හෙළි කළේ මෙහෙමයි.

රයිගම් ටෙලි සම්මාන වේදිකාවේදී සාරංගගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේ නැද්ද?

මම කාලයක් තිස්සේ ගොඩක් දේවල් ඉවසුවා. සමහර දේවල් මගේ ළඟම තියාගන්න මට ඕන වෙලා තිබුණා. ඒත් මගේ ඉවසීමෙන් අයුතු වාසි ලබා ගන්න අනෙක් අය උත්සාහ කරනවා නම් මම තව දුරටත් ඉවසන එක තේරුමක් නැහැ කියලා මට හිතුණා.

ඒ කියන්නේ හංගගෙන ඉන්න තරම් ප්‍රශ්නයක් සාරංගගේ පුද්ගලික ජීවිතේ තියෙනවා?

තවදුරටත් මේ දේවල් වහගෙන කතා කරන එක තේරුමක් නැහැ. ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. මට ඕනෑ වුණේ ඒ ප්‍රශ්නය මේ රටේ තියෙන නීතියේ හැටියට විසඳා ගන්නයි.ඒත් අනෙක් පාර්ශ්වය ඒකට කැමති වුණේ නැහැ. අකමැති වුණා විතරක් නමෛයි මම ඉවසන්න ඉවසන්න මගේ ඔලුවට අත හෝදන්න ආවා. කෙටියෙන්ම කිව්වොත් මගේ ඉවසීමෙන් ප්‍රයෝජන ගන්නත් හැදුවා.

මමත් උමාලිත් දෙන්නම ප්‍රසිද්ධ නිසා මේ සිදුවීම හංගන්න බැරි බව මම දැනගෙන හිටියා. ඒ වුණත් අපේ පුද්ගලික ප්‍රශ්නය ඕනෑවටත් වඩා ‍පොදු කරගෙන ප්‍රසිද්ධියක් දෙන එකටත් මම කැමති නැහැ.

වසරේ හොඳම නිළිය ඇත්තටම හොඳ රඟපෑමක් කළා කියලද කියන්නේ?

ඒක තීරණය කරන්න ඕන බලාගෙන ඉන්න අය.

සාරංගට වැරදුණා ද?

මට වරද්දවන්න හැදුවා. තවමත් වරද්දවන්න හදනවා. ඒත් මට වැරදෙන්නේ නැහැ. මට වරද්දවන්නත් බැහැ.

සාරංගගේ නමට ඈදුණු නිළියගේ නමේ කතාවත් වරද්දවන්න හැදීමක්ද?

මම ක්ෂේත්‍රයට ආපු දවසේ ඉඳලම මගේ නමට එක එක නම් ඈඳුණා. ඒක මට අමුතු දෙයක් නමෛයි. මගේ පුද්ගලික ජීවිතේ තීරණ මම වෙලාවට වෙනස් කරාවි.

පසුගිය 26 වෙනිදා සාරංග තම මුහුණු පොතේ සටහන් කර තිබුනේ මෙලෙසින්.
“කෙනෙකුගේ ඉවසීම නිවටකමක් විදිහට හිතුවොත්, හුඟාක් පසුතැවෙන්න වේවි…

මීට ඉහතදීද සාරංග මාධ්‍ය සාකච්ඡාවකදීමෙසේ සඳහන් කර තිබුනා.

ජනතා අභිෂේකයෙන් පිදුම් ලැබූ නිළිය උමාලිතිලකරත්න. වේදිකාවේදී ඔබට ඇයට මයිකෆෝනය අල්ලාගෙන ඉන්න සිදු වුණා. ඇය එහිදී කළ ප්‍රකාශයන් ගැන මොකද හිතන්නේ..?

එයා හැර නිර්දේශ වුණු වෙන නිලියක් ඔය සම්මානය ගත්තා නම් මම අහන්නේ එයාලගෙන් ඔය ප්‍රශ්න ටිකමයි. මම කළේ මගේ රාජකාරිය. එයා එයාට ඕන දේ කිව්වා. සම්මාන රාත්‍රිය දවසේ ඒ සිදුවීමෙන් පසුව කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් බොහෝ දෙනෙක් මට කතා කළා. ඒ අය කිව්වේ කියන්න ඕන දේ නෙමෙයි කිව්වේ අනවශ්‍ය දෙයක් කියලා. ඔවුන් මම කළ දේ අගය කළා. මට ඒ ගැන කියන්න තියෙන්නේ මම කවදාවත් රස්සාවයි පුද්ගලික දෙයි පටලවා ගන්නේ නැහැ කියලා තමයි.

ඔබට ඒ සිදු වීම ගැන දුකක් නැද්ද..?

ඒ ගැන මට දුකක් නැහැ. සමහර විට ඇයටත් පසුව හිතෙන්න ඇති ඒ ප්‍රකාශ කළේ අපරාදේ කියලා. ඒ මොහොත පුද්ගලික දේවල් ප්‍රකාශ කරගන්න තැනක් නෙමෙයි.

ඇය පසුව ඔබට කතා කළේ නැද්ද..?

නැහැ. මට කතා කළේ නැහැ.

Leave your comment