ඥාණසාර හිමියන් රෝහල්ගත කරයි.. සැත්කමකට ලක්වෙයි !

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සැත්කමක් සදහා රෝහල්ගත වි තිබෙනවා.

බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයෙකු පැවසුවේ උන්වහන්සේගේ පාදයේ හටගත් ආබාධයක් හේතුවෙන් සැත්කමකට භාජනය කළ බවයි. පාදයේ තිබූ සුළු තුවාලයකට විෂබීජ ඇතුළුවීම හේතුවෙන් ඇතිවූ තත්ත්වය මත සැත්කමක් සිදුකල යුතු බවයි වෛද්‍යවරු නිර්දේශ කර ඇත්තේ.

පූර්ණ සුවය ලැබූ පසු ඥාණසාර හිමියන් නැවත වරක් සංවිධාන කටයුතුවලට සම්බන්ධවන බවයි එම නියෝජිතයා වැඩිදුරටත් සදහන් කළේ.

Leave your comment