කටුනායක අළුත් ධාවන පථයට ලොව විශාලතම ගුවන් යානය ගොඩබාපු හැටි..! (VIDEO)

එමිරේට්ස් ගුවන් සමාගමට අයත් A – 380 වර්ගයේ ගුවන්යානයක් ඊයේ (14) කටුනායක ගුවන් තොටුපලවෙත පැමිණියා. ඒ ඩුබායි සිට ඊයේ පස්වරු 04.30ට පමණ බවයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

ලෝකයේ විශාලතම මගී ගුවන් යානයක් ලෙස සැළකෙන මෙම යානය අපහසුතාවයකින් තොරව ගොඩබෑම සිදුකළ බව ද වාර්තා වනවා.

නව රජය විසින් වසරේ මුල සිදුකළ ධාවන පථයේ නවීකරණය හේතුවෙන් ලොව විශාලතම ගුවන් යානා මෙරටදී හැසිරවිය හැකි බවයි කටුනායක ගුවන් තොටුපළ බලධාරීහු පෙන්වා දෙන්නේ රුපියල් කෝටි 720 ක් වැයකරමින් ගුවන් පථය නවීකරණය කළේ වසර 30 කට පසුව. පසුගිය ජනවාරි 06 වනදා ආරම්භවු එය මාස තුනකින් අවසන් වුණා. මීටර් 60 ක් පළල්ව තිබු ධාවන පථය ප‍්‍රතිසංස්කරණයෙන් පසු මීටර් 75 ක් දක්වා පුළුල් කිරිමට හැකිව තිබෙනවා. ඒ අනුවයි ලොව විශාලතම ගුවන් යානා වලට ධාවන පථය විවෘත වුණේ.

දියුණුවට පත් ගුවන් මගී ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ අද දක්නට ඇති විශාලතම ගුවන් යානය වන්නේ යුරෝපයේ එයාර්බස් සමාගම විසින් නිෂ්පාදිත ඇ 380 යානාව යි.

මගීන් 517ක් රැගෙන අඩි 43,000ක් ඉහළ අහසේ ගමන්කිරීමට ඊට හැකියාව තිබෙනවා.

Leave your comment