ආබාධයක් හේතුවෙන් උසේන් බෝල්ට් සිය අවසන් තරගය අතරතුර ඇදවැටෙයි..!

පාදයේ ඇති වූ ආබාදයක් හේතුවෙන් සිය ක්‍රීඩා දිවියේ අවසන්  තරග ඉසව්ව නිම කිරීමේ අවස්ථාව ජමෙයිකාවේ උසේන් බෝල්ට්ට අහිම වුණා.

ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් සියය සහය ධාවන ඉසව්වේ අවසන් තරගයේ දීයි ඔහු එම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නේ.

එහිදී ජමෙයිකානු කණ්ඩායමේ සිව්වන ක්‍රීඩකයා ලෙස සිය ධාවනය ආරම්භ කළ උසේන් බෝල්ට් මීටර කිහිපයක් දිව යාමෙන් අනතුරුව ඇති වූ ආබාද තත්ත්වය හේතුවෙන් බිම ඇද වැටුණා.

මෙවර තරගාවලියේ ඔහු සහභාගී වූ මීටර සියය අවසන් තරගයේදී ද උසේන් බෝල්ට් හිමිකර ගත්තේ ලෝකඩ පදක්කමයි.

මීටර් 100 සහය දිවීමේ තරගයේ රන් පදක්කම හිමි කර ගත්තේ බ්‍රිතාන්‍යය කණ්ඩායම වීම විශේෂත්වයක්.

Leave your comment