“අමෙරිකාවට ගැහුවොත් අපි නෑ” චීනය උතුරු කොරියාවට කියයි

උතුරු කොරියාව විසින් අමෙරිකාවට මිසයිල ප‍්‍රහාරයක් එල්ල කළහොත් ඉන් පසු උතුරු කොරියාව වෙනුවෙන් පෙනී නොසිටින බව චීන රජය දැනුම්දී තිබෙනවා’ ඉන් පසු ඇතිවිය හැකි තත්ත්වයන් කෙරෙහි උතුරු කොරියාව තනිවම මුහුණ දිය යුතු බවයි චීන රජය දැනුම්දී ඇත්තේ’ කෙසේ වෙතත් දකුණූ කොරියාව හා අමෙරිකාව පලමුව උතුරු කොරියාවට පහරදීමට සූදානම් වුවහොත් උතුරු කොරියාව වෙනුවෙන් මැදිහත් වන බව චීන රජය ප‍්‍රකාශ කර තිබෙනවා’

එරට ප‍්‍රකාශයට පත් කෙරෙන ග්ලෝබල් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ආසියානු කලාපයේ රටක් ආරක්ෂා කිරීම වෙනුවෙන් එම පියවර ගන්නා බවයි’ එහෙත් උතුරු කොරියාව මෙම අවවාදය නොතකා අමෙරිකාවට පලමුවෙන් පහරදුනහොත් චීනයේ කිසිදු සහායක් එරටට හිමි නොවන බවයි එම නිවේදනය මගින් ප‍්‍රකාශ කර ඇත්තේ’

Leave your comment