අභ්‍යවකාශයේ සිට ගත් සෙල්ෆියට වෙන්න යන ලොකුම දේ මෙන්න (PHOTO)

වසර 51 කට ඉහතදී බුස් ඇල්ඩ්රීන් විසින් පෘථිවියේ ඉහළ අභ්‍යවකාශයේ සිට ලබාගත් විශිෂ්ට සෙල්ෆි ඡායාරූපයක් අලෙවි කිරීමට නියමිතය.

මෙම ඡායාරූපය පවුම් 1200 කට අලෙවි කිරීමට නියමිත බව සඳහන් වේ. 1966 නොවැම්බර් මස සිදුකළ ජෙමිනි 12 අභ්‍යවකාශ මෙහෙයුමේදී ප‍්‍රථමවරට සෙල්ෆි ඡායාරූපයක් ලබාගත් ගගනගාමියා වනුයේ ඇල්ඩ්රීන්ය.

කඩින් කඩ තුන්වතාවකදී ඇල්ඩ්රීන් අභ්‍යවකාශ යානයෙන් පිටත පැය පහමාරක් පමණ ගත කළේය. මේවන විට ඇල්ඩ්රීන් 87 වැනි වියේ පසුවෙයි. මෙම ඡායාරූපය අඟල් 8 ක් සහ 10 ප‍්‍රමාණයේ ඡායාරූපයකි.

මෙහි වර්තමාන අයිතිකරු මෙම ඡායාරූපය ජෙමිනි 12 මෙහෙයුමේ නාසා ඡායාරූප ශිල්පීන්ගෙන් මිලදී ගෙන ඇත්තේ 2015 වසරේදීය.

මෙය සැප්තැම්බර් 14 වැනි දා ප‍්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි විකිණීමට නියමිත බව සඳහන් වේ.

image_8ad5e831fd

Leave your comment